මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණය සමග ආසියාන් සංවිධානය දෙදරයි

මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණය සමග ආසියාන් සංවිධානය බරපතල මතභේදාත්මක තත්ත්වයකට ලක්ව ඇති බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබෙනවා.
රටවල් 10කින් සමන්විත අග්නිදිග ආසියානු රටවල එකතුවක් ලෙසයි ආසියාන් සංවිධානය ක්‍රියාත්මක වන්නේ.
බෲනායි , කාම්බෝජය , ඉන්දුනීසියාව, ලාඕස් , මැලේසියාව , මියන්මාරය, පිලිපීනය ,සිංගප්පූරුව ,තායිලන්තය යා වියට්නාමයයි එහි සාමාජිකයන් වන්නේ.
මියන්මාරයේ සිදුවූ කුමන්ත්‍රණය පිළිබද ආසියාන් සංවිධානයේ නිහඩ බව මෙම ගැටළුව නිර්මානය කර ඇති බවත් එහි ඇතැම් රටවල් පමණක් මීට එරෙහිව පියවර ගැනීමට යෝජනා කර ඇති බවත් මෙම වාර්තාවේ සදහන්.
කාම්බෝජ නායක හුන් සෙන් මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණය එහි අභ්‍යන්තර කටයුත්තක් ලෙස පමණක් කාම්බෝජය අදහස් පල කළ අතර එයද ආසියාන් සංවිධානයේ රටවල් කිහිපයක විරෝධයට ලක්ව තිබෙනවා.
එම රටවල මතය වන්නේ බාහිර අතපෙවීමකින් ආසියාන් සංවිධානයේ අනෙක් රටවල ද මෙවන් කුමන්ත්‍රණ හටගතහොත් ආසියාන් සංවිධානයේ ප්‍රතිචාරය මෙය විය හැකි බවයි.
ඒ අනුව ආසියාන් සංවිධානයේ අනාගතය අවිනිශ්චිතව ඇති බවයි එම වාර්තා සදහන් කරන්නේ.

පුවත යවන්න