මියන්මාර අත්අඩංගුවේ පසුවන සියලු ලාංකික ධීවරයින් නිදහස් කිරීමට තීරණය කර ඇතැයි මියන්මාර පාලනය දැනුම් දී තිබෙනවා.
ධීවර අමාත්‍යාංශයේ ධීවර මෙහෙයුම් අධ්යක්ෂ කල්‍යාණී හේවාපතිරණ මහත්මිය සඳහන් කළේ , මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා එම දැනුම් දීම කර ඇති බවයි.
අප්‍රේල් 17 වැනිදා එරට පොදු සමා දිනය වන අතර ඒ අනුව මෙරට ධීවරයින් 12 දෙනා නිදහස් කරන්නැයි ලක් රජය මීට පෙර මියන්මාරයෙන් ඉල්ලීමක් කර තිබුණා.
ඒ අනුව අදාළ ධීවරයින් නිදහස් කිරීම පිළිබඳව හෙට වනවිට නිශ්චිත තොරතුරක් ලැබෙනු ඇතැයි කල්‍යාණී හේවාපතිරණ මහත්මිය සඳහන් කළා.