මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයට එරෙහි විරෝධතා අතරතුර එරට පොලිසිය සිදුකළ වෙඩි තැබීම්වලින් අද තිදෙනෙකු මරණයට පත්ව තිබෙනවා.
ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පවසන්නේ විරෝධතා උත්සන්න වීම සමග එය මැඩපැවැත්වීම සඳහා මියන්මාර හමුදාව හා පොලිසිය මෙසේ විරෝධතාකරුවන් මර්දනය කිරීමේ පියවර වර්ධනය කර ඇති බවයි.
ඒ අනුව ගතවූ දින කිහිපය තුල 50 දෙනෙකු ඝාතනය කර 1800 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ වන විට මියන්මාරයේ බලය අත්පත් කරගෙන සිටින හමුදා පාලනය කිසිසේත්ම පිලිනොගන්නා බවයි විරෝධතාකරුවන් පවසන්නේ.
මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ද මියන්මාර හමුදාවට අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා.
ඒ නිරායුධ විරෝධතාකරුවන්ට එරෙහිව අවි භාවිත කිරීමෙන් වළකින ලෙස දන්වමින්.