මීළග වසංගතයට අත වනන නයිජීරියාව / වෛරස සහිත සතුන් වෙළඳපලේ

කොරෝනා වසංගතය ලෝකයට බලපෑම ආරම්භ වූයේ චීනයේ වූහාන් හී මුහුදු ආහාර වෙළද සංකීරණයෙන් බව පිළිගනු ලබනවා.
එය කොරෝනා වසංගයේ ආරම්භය දක්වාම ක්‍රියාත්මක වූයේ සජීවී වන සතුන් ආහාර වෙනුවෙන් අලවි කරන මධ්‍යස්ථානයක් ලෙසයි.
කෙසේ වෙතත් කොරෝනා වසංගතයේ ආරම්භයෙන් පසුව එම මධ්‍යස්ථානය මේ වන විට වසා දමා ඇති අතර එරට සජීවී වන සතුන් අලෙවිය ද සීමා කර තිබෙනවා.

පින්තූරයෙන්, ඊපේ තෙත් වෙළඳපොලේ පැන්ගෝලින් දෙකක් බියෙන් ආරක්ෂක බෝලයක් බවට පත්වේ.  සතුන් ඔවුන්ගේ මස් හා කොරපොතු සඳහා විකිණීම සඳහා පණපිටින් තබා ඇත
එහෙත් මේ වන විට නයිජීරායාවේ වන සත්ව ජාවාරම හා සජීවී සත්ත්ව වෙළදාම බහුලව ව්‍යාප්ත වන අතර එය මීළග වසංගතයේ උපන්බිම බවට පත්වනු ඇති බවටයි අනතුරු ඇගවෙන්නේ.
මේ වන විටත් නයිජීරියාවේ මහා පරිමාණයෙන් සජීවී වන සත්ත්ව අලෙවිය සිදුවන අතර එහි බරපතලම තත්ත්වය වන්නේ, කොරෝනා වැනි වෛරස දරන කබැල්ලෑවන් , වවුලන් , මීයන් , මුගටියන්, වදුරන් ආදී සතුන් ආහාර වෙනුවෙන් මෙහි අලෙවිවීමයි.
මෙහිදී සජීවී සතුන් මෙන්ම මියගිය වන සතුන්ද අලෙවි කරන බවයි ඩේලි මේල් වෙබ් අඩවිය පවසන්නේ.
කිසිදු පූර්ව ආරක්ෂිත උපක්‍රමවලින් තොර මෙම වෙළදපල තුල මිනිසුන් මෙන්ම සතුන්ද වඩා සමීපව මුසුවන පරිදියි රදවා ඇත්තේ.

නයිජීරියාවේ ලාගෝස් වලට නැගෙනහිරින් පිහිටි තෙත් වෙළඳපොලේ වඳුරන් සියල්ලම කුඩා කූඩුවල තබා ඇත
එක් වසංගතයකින් පාඩම් උගෙන සිටින ලෝකයේ සජීවී වන සත්ත්ව වෙළදාම වහා නැවතිය යුතු බවටයි විශේෂඥයන් අනතුරු අඟවා ඇත්තේ.
එහෙත් එම නියමයන් නොතකන රටවල් මීළග වසංගතය ලෝකයට දායාද කරනු ඇති බවටයි අනතුරු ඇඟවෙන්නේ.

 

ඡායාරූපය, ටොන් තෙත් වෙළඳපොලෙන් බේරා ගැනීමෙන් පසු ඔහුගේ කූඩුව තුළ

පුවත යවන්න