මුව ආවරණය පළදින්න කියූ PHIට උදලු පහරක්

මුඛ ආවරණයක් පළඳින ලෙස උපදෙස් දීම නිසා වාලච්චේන ප්‍රදේශයේ දී මහජන සෞඛ්‍ය පරීක්ෂකයෙකුට පුද්ගලයෙකු විසින් උදැල්ලකින් පහරදී තුවාල සිදුකර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ මුඛ ආවරණ පැලඳ නොසිටි අයෙකුට අවවාද කිරීමේ දී අදාළ පුද්ගලයා විසින් එම පහරදීම සිදුකර තිබෙන බවයි.

බරපතළ තුවාල ලැබු මහජන පරීක්ෂකවරයා වාලච්චේන රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මඩකලපුව රෝහලට යොමුකර ඇත.

පහරදුන් පුද්ගලයා වාලච්චේන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පුවත යවන්න