මුහුදේදී අනතුරට පත්වූ රෝහින්ග්යා සරණාගතයින් 81ක් ඉන්දියාවෙන් බේරාගනී

අන්දමන් මුහුදේ දී අනතුරට පත්ව සිටි මියන්මාරයේ රෝහින්ග්‍යා සරණාගතයින් 81 දෙනකු ඉන්දීය නාවික හමුදාව විසින් බේරාගෙන තිබෙනවා.
පකිස්ථාන් ට්‍රිබියුන් වෙබ් අඩවිය පැවසුවේ මෙම සරණාගතයන් රැගත් යාත්‍රාව මුහුදේදී යාත්‍රාවක ගැටීමෙන් පසු අක්‍රියවී තිබූ බවයි.
එහිදී 8 දෙනකු මියගොස් එක් අයකු අතුරුදන්ව තිබෙනවා.
අනෙක් 81 දෙනා දින 4ක් පුරා අක්‍රියවූ යාත්‍රාවේ රැැදී සිට ඇති අතර ඔවුන් විජලන තත්ත්වයේ පසුවූ බවයි මාධ්‍ය වාර්තා පවසන්නේ.
පසුගිය සමයේ බංග්ලාදේශයට පලාගිය මෙම පිරිස එරටින් යාත්‍රාවක නැගී යළි පැමිණෙමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇති වද හෙලිව තිබෙනවා.
කෙසේ වෙතත් බේරාගත් පිරිස යලි හරවා යවන අතර ඔවුන්ට ඉන්දියාවට පැමිණීමට අවසර නොදෙන බවයි ඉන්දීය විදේශ අමාත්‍යාංශය පවසන්නේ.

පුවත යවන්න