මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණ 35ක් වාර්තා වී තිබේ.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (10) තහවුරු කරන ලද මෙම මරණ අතුරින් 17 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 18 දෙනා කාන්තාවන් වේ.
මිය ගිය පිරිස අතර වයස අවුරුදු 30 – 59 අතර වයස්වල පසු වූ මරණකරුවන් 10දෙනෙකු සිටින අතර ඉතිරි 25 දෙනාම වයස අවුරුදු 60 සහ ඊට වඩා වැඩි වයස්වල පසුවූවන් ය.