ඊයේ දිනයේත් දිස්ත්‍රික්ක 25 න්ම ආසාදිතයින් වාර්තාවී ඇති අතර වැඩිම ආසාදිතයින් පිරිස වාර්තා වී ඇත්තේ, ගම්පහ දිස්ත්‍රික්කයෙනි.
⭕ ගම්පහ දිස්ත්‍රික්කය – 436 යි. (වැඩිම ආසාදිතයින්)
⭕ කළුතර දිස්ත්‍රික්කය – 324 යි.
⭕ කොළඹ දිස්ත්‍රික්කය – 318 යි
⭕ රත්නපුර දිස්ත්‍රික්කය – 178 යි
මෙහිදී වැල්ලවත්ත ප්‍රදේශයෙන් ආසාදිතයන් 58 ක් වාර්තා වුණා.
නිට්ටඹුවෙන් ආසාදිතයන් 64 යි.
හොරණ ප්‍රදේශයෙන් ආසාදිතයන් 92 ක් , කුරුවිටින් ආසාදිතයන් 92 ක් , කාත්තන්කුඩියෙන් 63 ක්, ලෙස වැඩි ආසාදිතයන් වාර්තාවී තිබුණා.
ඊයේ හඳුනාගත් නව ආසාදිතයින් ද සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 246,109 ක් දක්වා ඉහළ ගිය අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 32,219 කි.
මේ අතර සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 211,186 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර තවත් කොරෝනා මරණ 65 ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ තිබේ.
පසුගිය (22) තහවුරු කරන ලද ඊයේ වාර්තා කර තිබූ මෙම මරණ අතරින් 40 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 25 දෙනා කාන්තාවන් ය.
මිය ගිය පිරිස අතර වයස අවුරුදු 30 ට අඩු පුද්ගලයින් දෙදෙනකු ද වේ.
අවුරුදු 30 -59 අතර වයසේ පසුවූ ආසාදිතයින් 10 දෙනෙකු ද, වයස අවුරුදු 60 සහ ඊට වැඩි වයස්වල පසු වූ ආසාදිතයින් 53 දෙනෙකු ද මියගිය පිරිස අතර වේ.