මෙම වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා, ලංකාවට ණය සහ ණය හුවමාරුව යටතේ ඩොලර් බිලියන 3ක් ඉක්මවන මුදල් හා ආධාර ලබාදී ඇති බව ඉන්දියාව පවසනවා.
ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කළේ, මෙරට පහත වැටෙන ඉන්ධන තොග ඉහළ නැංවීම සදහා තවත් ඩොලර් මිලියන 200 ක ණයක් ලබාදුන් බවයි.
ශ්‍රී ලංකාවේ අර්බුදයට හේතුව ඩොලර් හිගය වන අතර , ආහාර, ඖෂධ සහ අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා ඩොලර් බිලියනයක ණය පහසුකම දැනටමත් ක්‍රියාත්මක බවද දැනුම්දී තිබුණා.
මේ වන විට අපේක්ෂා කරන මූල්‍ය අරමුදලේ ණය පහසුකම හිමිවීමට තවත් මාස 3ක් පමණ ගතවිය හැකි බවද ඉන්දියාව පවසා තිබෙනවා.