මේ සැකකරුවන් ගැන ඔත්තුවක් දුන්නොත් ලක්ෂ 10ක තෑග්ගක්

පානදුර මූලික රෝහල ඉදිරිපිට දී ගිලන්රථ රියදුරෙකු ඉලක්ක කරගනිමින් වෙඩි තැබීමක් සිදුකිරීමට තැත්කළ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙකුගේ ඡායාරූප පොලිසිය විසින් අද මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.

මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය අපේක්ෂා කරන අතර සැකකරුවන් දෙදෙනා පිළිබඳව නිවැරදි තොරතුරක් ලබාදෙන පුද්ගලයෙකුට රුපියල් ලක්ෂ 10ක ත්‍යාග මුදලක් ලබාදීමට පොලිසිය අපේක්ෂා කරයි.

නියෝජ්‍ය පොලිස්පති, බස්නාහිර පළාත අපරාධ දිසාව – 071-8592686
අධ්‍යක්ෂ, කළුතර අපරාධ කොට්ඨාසය – 071-8592745

 

පුවත යවන්න