මෛත්‍රීට , රනිල්ට එරෙහිව පියවර ගන්න – කාදිනල්තුමන් ඉල්ලයි

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයස ම්බන්ධයෙන් හිටපු ජනපතිවරයා , හිටපු අගමැතිවරයා හා වගකිව යුතු පොලිස් නිලධාරින්ට එරෙහිව පියවර ගන්නා ලෙස කොළඹ අගරදගුරු, අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී කාදිනල්තුමන් පැවසුවේ ,මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන ලෙසයි.
අන්තවාදය සම්බන්ධයෙන් මෘදු ආකල්පයක් දැරීම පිළිබද හිටපු අගමැතිවරයාට චෝදනා එල්ල වන අතර ප්‍රහාරය වැළැක්වීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා වගකිව යුතු බවද උන්වහන්සේ පැවසුවා.
ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ට සාධාරණය ඉටු නොවීම මත සිද්ධියෙන් බිරිද අහිමි වූ අයෙක් සියදිවි නසාගෙන ඇති බවයි කාදිනල්තුමන් සදහන් කළේ.

පුවත යවන්න