අද(09) මොරටුවෙන් තවත් කොරෝනා ආසාදිත මරණයක් වාර්තා වුණා.
ඒ අනුව ගතවූ දින 4 තුල මොරටුවෙන් වාර්තාවූ දෙවන කොරෝනා මරණය මෙයයි.
මියගිය පුද්ගලයා 81 හැවිරිදි අයකු බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ.
ඉකුත් 6 වනදා මොරටුවේ පදිංචිකරුවකු වූ 56 හැවිරිදි පුද්ගලයකු කොරෝනා වැළදී මරණයට පත්වුණා.
දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ දී ඔහු කොරෝනා ආසාදිතයකු ලෙස හදුනාගෙන මුල්ලේරියාව රෝහලට මාරු කර යැවීමෙන් පසුවයි මියගොස් තිබුණේ.