මොරටුවේදී රිය අනතුරකින් මිය ගිය අයකුට කොරෝනා / රෝහලට ගෙන ගිය පොලිසියේ 5ක් නිරෝධානයනට

මොරටුව ,රාවතාවත්තේදී රිය අනතුරකට ලක්ව මාර්ගයේ වැටී සිටි පුද්ගලයකු රෝහලට ගෙන ගිය මොරටුව පොලිස් රථවාහන අංශයේ ස්ථානාධිපති ඇතුළු පස් දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකර තිබෙනවා.
ඒ රිය අනතුරෙන් තුවාල ලබා පසුව මිය ගිය එම පුද්ගලයා කොරෝනා ආසාදිතයකු ලෙස හදුනා ගැනීම සමගයි.
මොරටුව රාවතාවත්ත සුදු ඉර මත දී පුද්ගලික බස් රථයක ගැටුණු 69 හැවිරිදි පුද්ගලයෙකු රෝහල්ගත කිරීමට පොලිසිය මැදිහත්ව තිබුණේ පොලිසිය එම ස්ථානයට එන තෙක්ම කිසිවකු විසින් එම පුද්ගලයා රෝහල්ගත කිරීමට කටයුතු නොකිරීම මතයි.
තුවාලකරු පොලිස් ජංගම රථයෙන් පානදුර මුලික රෝහලට ගෙනගොස් තිබුණ ද එහිදී මරණයට පත්ව තිබුණා.
මිය ගිය පුද්ගලයා පානදුර අළුබෝමුල්ලේ පදිංචිකරුවෙක්.

පුවත යවන්න