මෝටර් රථයක් තුළ පිලිස්සී මියගිය ව්‍යාපාරිකයෙකුගේ මළ සිරුරක් හමුවෙයි

කොහුවල, ආසිරි මාවත ප්‍රදේශයේ තිබී පිලිස්සුනු මළ සිරුරක් හමුව තිඛෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ අදාළ මෝටර් රථය සම්පූර්ණයෙන් පිළිස්සී ඇති බවත් මෝටර් රථය තුළ තිබූ පුද්ගලයාගේ සිරුර ද පිළිස්සී තිබු බවයි.

ඊයේ රාත්‍රී 11.30ට පමණ එම මළ සිරුර සොයාගෙන ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ කළුබෝවිල භාතිය මාවත ප්‍රදේශයේ පදිංචිව සිටි 33 හැවිරිදි ව්‍යාපාරිකයෙක් බවට දැනට හඳුනාගෙන ඇත.

කොහුවල පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

පුවත යවන්න