මෝදිගෙන් ඉම්රාන් ඛාන්ට ලිපියක් / සාමයටත් එකඟයි

පාකිස්තානය සමග ස්ථිර සුහද සබඳතා පැවැත්වීමට ඉන්දියාව එකඟ වුවද ඒ සදහා විශ්වාසයක් අවශ්‍ය බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසනවා.
ත්‍රස්තවාදයට සහාය නොදෙන බවට වන සහතිකයක් හා විශ්වසනීය පරිසරයක් ඊට අත්‍යාවශ්‍ය බවයි ඉන්දීය අගමැතිවරයා පවසන්නේ.
ඊයේ දිනයට යෙදුණු පාකිස්තානයේ ජාතික දිනය වෙනුවෙන් පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් මහතාට සහ පාකිස්තාන ජනතාවට සිය සුබ පැතුම් එක් කරන බවද මෙම ලිපියේ දක්වා තිබෙනවා.
පාකිස්තානය ඊයේ සමරනු ලැබුවේ සිය 70 වන ජාතික දිනය යි.
මෙම ලිපිය මගින් ඉන්දීය අගමැතිවරයා කොවිඩ් -19 වසංගතයට මුහුණ දීම සඳහා පකිස්ථානයට දිරිය ලැබේවා යි ප්‍රාර්ථනා කර තිබුණා.

පුවත යවන්න