විදේශීය රටක දේශපාලන පක්ෂයකට මෙරට ලියාපදිංචි වීමට හෝ මැතිවරණ සදහා තරග කිරීමට නීතිමය හැකියාවක් නොමැති බව මැතිවරණ කොමිසම පවසයි.
මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා පැවසුවේ 1981 අංක 01 දරන පාර්ලිමේන්තු පනත සහ මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව එවැනි අවස්ථාවන් හිමි නොවන බවයි.
ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂය ශ්‍රී ලංකාව තුල ද ස්ථාපිත කර මැතිවරණ සඳහා ඉදිරිපත් වන බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන ඉන්දීය නිවාස අමාත්‍ය අමිත් ශාහා අනාවරණ කර තිබුණා.
ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ සිය පක්ෂය ගෝලීය දේශපාලන පක්ෂයක් බවට පත් කිරීමේ පියවරක් ලෙස මෙය ක්‍රියාත්මක කරන බවයි.
ඒ අනුව භාරතීය ජනතා පක්ෂය නායකත්වය දෙන මෙම පක්ෂ ශ්‍රී ලංකාව තුල හා නේපාලයේ පිහිටුවන බව ද ඔහු අනාවරණ කර තිබුණා.
ශ්‍රී ලංකාව තුළ හා නේපාලයේ පක්ෂය ලියාපදිංචියෙන් පසුව මැතිවරණයන්ට ඉදිරිපත් වන බවයි ඉන්දීය නිවාස අමාත්‍ය අමිත් ශාහා පවසන්නේ.
මෙය චීන කොමියුනිස්ට් පක්ෂයේ ක්‍රියාමාර්ගයට සමාන පියවරක් බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිඛෙනවා.