මෝදි ලබන මාසයේ ශ්‍රී ලංකාවේ සංචාරයකට සූදානම්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසනවා.
බිම්ස්ටෙක් සමුළුවට සහභාගි වීම සඳහා මෝදි අගමැතිවරයා ශ්‍රී ලංකාවට පැමිණීමට ඉඩ ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්.ජයිශංකර් ළඟදීම ශ්‍රී ලංකාවට පැමිණීමට බොහෝ දුරට ඉඩ ඇති බව ද විදේශ අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළා.
ශ්‍රී ලංකාව සමඟ ඇති සබඳතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමට ඉන්දියාව දරන උත්සාහයේ කොටසක් ලෙස මෙම සංචාරය ක්‍රියාත්මකයි.
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් යන මහත්වරුන් මෑතකදී නවදිල්ලියේ වෙන වෙනම සංචාර දෙකක් සිදුකර තිබෙනවා.
සඳුදා ,විදේශ අමාත්‍ය ජීඑල් පීරිස් සමඟ පැවති සාකච්ඡාවෙන් පසුවල ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ ඔවුන් ඵලදායී හමුවක් පැවැත්වූ බවයි.
මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාව ශක්තිමත් කරන ආර්ථික සහ ආයෝජන මුලපිරීම් පිළිබඳව සාකච්ඡා කළ බවත් ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාව ඉහළ නැංවීම සඳහා අමතර පියවර පිළිබඳව ද අවධානය යොමු කළ බවත් ඔහු අනාවරණ කළා.

පුවත යවන්න