යාපනයේ යළිත් කඩු,පොලු කල්ලියක්

යාපනය කෝපායි පොලිස් වසමේ කොන්ඩාවිල් ප්‍රදේශයේදී පුද්ගලයින් පිරිසක් සිදුකළ පහරදීමකින් පුද්ගලයින් හත් දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ.

ඊයේ රාත්‍රියේදී යාපනය කොන්ඩාවිල් හි පිහිටි ටික්ටොක් ස්ටූඩියෝ නමින් හදුන්වන ස්ථානයක් වෙත යතුරුපැදිවලින් මුහුණු ආවරණය කර ගත් පිරිසක් පැමිණ මෙම පහරදීම සිදුකර තිබෙනවා. මෙහිදී එම ස්ථානයේ සිටි පිරිසට අමානුෂික ලෙස පහර දී ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.

එමෙන්ම අසළ තිබූ රථවාහන කිහිපයකටද මොවුන් දැඩි අලාභහානි සිදුකර තිබෙනවා. බරපතල කැපුම් තුවාල ලැබූ පුද්ගලයින් ප්‍රදේශවාසීන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා. මේ අතර අදාළ පහරදීම සිදුකළ පුද්ගලයින් සොයා පොලිස් කණ්ඩායම් තුනක් පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

පුවත යවන්න