යුක්‍රේනයට යුරෝ බිලියන 3.5 ක අතිරේක යුධ ආධාර

යුක්රේනයට ආයුධ සැපයීම සඳහා භාවිතා කරන සාමූහික අරමුදල ශක්තිමත් කිරීම සඳහා යුරෝපීය සංගමයේ ආරක්ෂක සහ විදේශ ප්‍රතිපත්ති ප්‍රධානී ජෝශප් බොරෙල් තවත් යුරෝ බිලියන 3.5ක් (ඩොලර් බිලියන 3.8ක්) අනුමත කරන ලෙස ඉල්ලීමක් සිදුකර තිබෙනවා.

අඛණ්ඩ බටහිර සහාය නොමැතිව කියෙව් හමුදා “දින කිහිපයකින්” බිඳ වැටෙනු ඇති බවට අනතුරු අඟවමින් මෙම ප්‍රකාශය සිදුකර තිබුණා.

යුරෝපීය සාම පහසුකම (ඊපීඑෆ්) සඳහා නව අරමුදල් සඳහා අවසර දෙන ලෙස ජෝශප් බොරෙල් යුරෝපා සංගම් සාමාජික රටවලින් බදාදා ඉල්ලා සිටි අතර රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග රොයිටර් වෙත පැවසුවේ , වහාම අරමුදල් වර්ධනය කිරීම අත්‍යාවශ්‍ය බවයි.

ඉල්ලා සිටින බව කියන විශාල අරමුදල් සඳහා සඳහා යුරෝපා සංගම් ආන්ඩුවල ඒකමතික අනුමැතිය අවශ්‍ය වනු අතර එය බාධාවකින් තොරව ඉදිරියට ගමන් කරනු ඇති බවයි දැනුම් දී තිබුණේ.

අහිමි වූ භූමි ප්‍රදේශය නැවත අත්පත් කර ගැනීම සඳහා යුක්රේනය ප්‍රධාන ප්‍රහාරයක් දියත් කිරීමට අපේක්ෂා කරන අතරතුර මෙම ඉල්ලීම් සිදුකර තිබුණා.

පුවත යවන්න