යුක්රේනය ආක්‍රමණය කරමින් සිටින රුසියානු හමුදාවන් කියෙව් අගනුවර වෙත දැවැන්ත ප්‍රහාරයක් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව කෲස් මිසයිල ප්‍රහාර වර්ෂාවක් නගරය වෙත පතිත වූ බවයි ජාත්‍යන්තර මාධ්‍ය සදහන් කළේ.
යුක්රේන අගනුවරට සැතපුම් 20ක් දක්වා මේ වන විට රුසියානු පාබල හමුදා ආසන්න වී ඇති බවයි නවතම දර්ශන නිකුත් කරමින් බී බී සී ය සදහන් කළේ.
බොහෝ විට යුක්රේන අගනුවර බිද වැටෙනු ඇතැයි ද මේ වන විටත් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
යුක්රේන ජනපති වොලොද්මියර් සෙලෙන්ස්කි සදහන් කළේ තමන් අඛණ්ඩව අගනුවර තුල රැදී සිටින බවයි.
යුක්රේන හමුදා අඛණ්ඩව සතුරන්ට එරෙහිව සටන් කරන බවද ඔහු සදහන් කළා.