ගැටුමක් ආරම්භවීමේ උග්‍ර අවදානම පවතින යුක්රේන දේශසීමාව තුල යුක්රේන හමුදා ආරක්ෂාව දැඩි කර පවතින බව සී එන් එන් පුවත් සේවය පවසනවා.
ඒ අනුව රුසියානු හිතවාදී ඩොන්බාස් කැරලිකරුවන් හා යුක්රේන හමුදා මීටර 500ක පමණ දුර ප්‍රමාණයකින් යුක්තව මුහුණට මුහුණලා කදවුරු බැඳ සිටින බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ.
ඕනෑම මොහොතක එල්ල විය හැකි මෙම රුසියානු ප්‍රහාරය ක්රිමියානු මුහුද , බෙලරුස් රාජ්‍යය හෝ නැගෙනහිර යුක්රේනය තුලින් එල්ල විය හැකි බව හමුදා සෙබලුන් ප්‍රකාශ කර තිබෙනවා.
කවර දිශාවකින් එල්ල වුවද ප්‍රහාරය ස්ථිර බවයි ඔවුන් සී එන් එන් වෙත සදහන් කළේ.
මේ සඳහා මුහුණදීමට යුධ අගල් , බංකාර හා එහසිගත උමං පද්ධති යුක්රේන සීමාවේ ඉදිකර ඇති අතර එහි නවතම දර්ශන ද ජාත්‍යන්තර මාධ්‍ය මෙසේ වාර්තා කළා.