යුද්ධ හමුදා නිලධාරීන් වෙනුවෙන් බුස්ටර් එන්නත් මාත්‍රාව ලබා දීම අද ආරම්භ කෙරුණා.
ඒ නාරාහේන්පිට පිහිටි යුද්ධ හමුදා රෝහලේදීයි.
මෙම අවස්ථාවට යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ද එක්ව සිටියා.
එහිදී මාධ්‍යට අදහස් දක්වමින් හමුදාපතිවරයා පැවසුවේ මාස කිහිපයකට පසු පළාත් අතර සංචරණ සීමා ඉවත් කළ ද ජනතාව වගකීමෙන් කටයුතු කළ යුතු බවයි.
කොවිඩ් අවදානම සම්පුර්ණයෙන් රට තුළින් ඉවත්ව ගොස් නොමැති බව ද ඔහු පෙන්වා දුන්නා.