යුද්ධ හමුදාපතිවරයා ජනතාවගෙන් කළ ඉල්ලීම

කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම වෙනුවෙන් පනවනු ලැබු නිරෝධායන ඇදිරිනීතිය කඩ කිරීමෙන් වළකින්නැයි යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

හමුදාපතිවරයා පැවසුවේ ඇදිරිනීතිය ක්‍රියාත්මක කරමින් ගෙන යන වැඩපිළිවෙලට ජනතාවගේ සහය අපේක්ෂා කරන බවයි.

අත්‍යවශ්‍ය සේවා සදහා ලබාදී ඇති අවරසය අවභාවිත කිරීමෙන් වළකින ලෙස යුද්ධ හමුදාපතිවරයා ජනතාවට දැනුම් දෙයි.

ඊයේ රාත්‍රි 10 සිට බලාත්මක වූ නිරෝධායන ඇදිරිනීතිය ලබන 30 වනදා අලුයම 04දක්වා ක්‍රියාත්මක වනු ඇත.

පුවත යවන්න