යුපුන් අබේකෝන් ඔලිම්පික් යයි

ශ්‍රී ලංකා කෙටි ධාවන ශූර යුපුන් අබේකෝන්, ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර 100 පිරිමි ඉසව්වට සුදුසුකම් ලබාගැනීමට සමත්ව තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රීඩකයකු ඔලිම්පික් ක්‍රීඩා උළෙලක මීටර 100 ඉසව්වට වසර 30 කට ආසන්න කාලයකට පසුව සුදුසුකම් ලැබීම මෙහි විශේෂත්වයක්.

ශ්‍රී ලංකා හිටපු කෙටි දුර ධාවන ශූර ශ්‍රියන්ත දිසානායක 1992 වසරේ බාසිලෝනා ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රීඩකයකු ඔලිම්පික් ක්‍රීඩා උළෙලක මීටර 100 ඉසව්වට සුදුසුකම් ලබා නැහැ.

යුපුන් අබේකෝන්, එම ඉසව්ව තත්පර 10.15 කින් අවසන් කරමින් පසුගියදා දකුණු ආසියානු සහ ශ්‍රී ලංකා වාර්තා කීපවරක් අලුත් කිරීමට සමත් වුණා.

පුවත යවන්න