යුක්රේන අර්බුධය සමග ශ්රී ලංකාව වැනි රටවල අර්බුධ වඩාත් උත්සන්න විය හැකි බව හිටපු අගමැති හා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී රනිල් වික්රමසිංහ මහතා පවසනවා.
පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ , රුසියාවට පැනවීමට නියමිත සම්බාධක හා රූබලය , ඩොලරය අතර ගැටුම නියත වශයෙන්ම තෙල් මිල වාර්තාගත මට්ටමකට ගමන් ක
රවිය හැකි බවයි.
ඒ අනුව මෙරටට පැමිණ මෙතෙක් ඩොලර් ගෙවා නොමැති ඉන්ධන නැව් 3ට වහාම මුදල් ගෙවා ඉන්ධන ලබාගන්නා ලෙසද වික්රමසිංහ මහතා රජයෙන් ඉල්ලීමක් කළා.
නැතහොත් මීලග ඉන්ධන මිලදී ගැනීම් සඳහා අධික මුදලක් ගෙවීමට සිදුවනු ඇති බවයි ඔහු අවධාරණය කළේ.
මේ සඳහා කඩිනම් විසදුම් ලබා නොගතහොත් මීළග අර්බුධ වඩාත් හානිකර විය හැකි බව ද ඔහු පෙන්වා දී තිබෙනවා.