කොරෝනා වයිරස ව්‍යාප්තිය වැළැක්වීමට පනවා ඇති නව නීති වලට විරෝධය දක්වමින් යුරෝපයේ පැවැත්වෙන උද්ඝෝෂණ ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ගෙන තිබෙනවා.
නව නීතිවලට විරෝධය දක්වමින් නෙදර්ලන්තයේ පැවැත්වුණු උද්ඝෝෂණවලට පොලීසිය වෙඩි ප්‍රහාර එල්ලකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. එහිදී පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. රථවාහනවලට ගිනි තබමින් උද්ඝෝෂකයින් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන ආකාරයයි මෙහිදී දක්නට ලැබුණේ. එමෙන්ම ඔස්ට්‍රියාව , ක්‍රොඒෂියාව හා ඉතාලියේ ද නිරෝධායන නීතිවලට විරෝධය දක්වමින් උද්ඝෝෂණ පැවැත්වෙනවා. යුරෝපා කලාපය තුළ කොරෝනා වයිරසය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමත් සමඟ වාර්තාවන ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යාම පිළිබඳ දැඩි අවධානය යොමුකළ යුතු බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ.