රජයේ රෝහල් හරහා කොරෝනා එන්නත් දීමේ වැඩපිලිවෙලට බාධාවක්

රෝහල් තුළ ස්ථාපිත එන්නත්කරණ මධ්‍යස්ථාන හරහා එන්නත ලබදීම හෙට (28) දිනයේ සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබුණ ද අදාළ ඇනවුම් නිසි පරිදි නොලැබීම නිසා එම එන්නත්කරණය ආරම්භ කිරීමට හැකියාවක් නැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

වයස අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා එම එන්නත්කරණ කටයුතු සිදු කිරීමට නියමිතව තිබුණා.

අද (27) මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් එම සංගමයේ විධායක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා ඒ බව සදහන් කළා.

ඔහු වැඩිදුරටත් පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිවැරදි දත්ත නොලැබීමෙන් මෙවැනි තත්ත්වයක් මතු වූ බවයි.

කෙසේවෙතත් එන්නත් ලැබුණු සැණින් එම කටයුතු රෝහල් හරහා ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

පුවත යවන්න