රජය රට අර්බුධයකට දැම්මා / මන්ත්‍රී කිරිඇල්ල

‘වත්මන් රජය විශාල ආර්ථික අර්බුදයක ඉන්නේ . ජාත්‍යන්තරය සමග සාකච්ඡුා කර ණය වාරික ගෙවිමට කාලය ලබා ගන්න . එමගින් ආණ්ඩුවටත් ,ජනතාවටත් හුස්මක් ගන්න හැකිවෙවි . ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න නම් අපිට ජාත්‍යන්තරයේ සහයෝගය අවශ්‍යයි’ යයි විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙම අදහස් ප‍්‍රකාශ කරයි.

විපක්ෂ නායක කාර්යාලයේදි මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ඔහු මෙසේද අදහස් පල කලේය.

ශ‍්‍රී ලංකාව තුල ඉතාමත් කණගාටුදායක තත්වයක් වත්මන් රජය ඇති කරලා තියෙනවා .රජය දේශීය වශයෙනුත් අසාර්ථකයි , ජාත්‍යන්තර වශයෙනුත් අසාර්ථකයි . දේශීය වශයෙන් අසාර්ථකභාවය පිලිබදව රටේ ජනතාව දන්නවා .නමුත් ජාත්‍යන්තර අසාර්ථකත්වය පිලිබදව ජනතාව දැනුවත් නෑ .පසුගිය අවුරුදු තුන තුල ජාත්‍යන්තරයේ පිළිගත් සංවිධාන තුල අපට විරුද්ධ යෝජනා සම්මත වෙලා තිබෙනවා .එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ අපට විරුද්ධව යෝජනාවක් ගෙනල්ලා අපි අන්ත පරාජයට පත් වුනා .යුරෝපා හවුලේ අපට විරුද්ධව යෝජනාවක් ගෙනාවා එකත් අන්ත පරාජයට පත් වුනා .මීට අමතරව ඇමෙරිකානු කොංග‍්‍රස් මණ්ඩලයේ යෝජනාවක් ඉදිරිපත් කරලා සාකච්චා කරමින් තිබෙනවා .

මිත‍්‍රවරුණි රජය අද ජාත්‍යන්තර වශයෙන් අසරන වෙලා තිබෙනවා .මේ තත්වයෙන් ගොඩ එන්නත් රජය කිසිම උත්සහයක් ගන්නේ නැ .යහපාලන රජය සමයේ ජාත්‍යන්තරයේ කිසිම පිළිගත් සංවිධානයක අපේ රටට විරුද්ධව යෝජනාවක් සම්මත වුනේ නෑ .මොකද යහපාලන රජය ජාත්‍යන්තරයත් එක්ක හොදින් ගනුදෙනු කෙරුවා ,ජාත්‍යන්තර සංවිධාන නොසළකා හැරියේ නෑ .වැදගත්ම කාරණය තමයි අපේ රජය පිළිබද , අරමුණ පිළිබද ජාත්‍යන්තරයට විශ්වාසයක් තිබුණා .අපි ඒ විශ්වාසය දිනා ගත්තා .නමුත් වත්මන් රජය ආපු දවසේ ඉදලා ඒකාධිපති ගමනක් ගිය නිසා ජාත්‍යන්තරයේ විශ්වාසය නැති වුනා .විශේෂයෙන්ම 20වැනි සංශෝධනය හරහා අපි විමධ්‍යගත කරපු බලතල සියල්ලම එක පුද්ගලයකු පවරා ගත්තා .19 වැනි සංශෝධනය හරහා අධිකරණය , රජයේ උසස් ආයතන ස්වාධීන කළා . නමුත් ඒ සියල්ලම අහෝසි කරලා විධායකයට යටත් කළා .රජයේ අරමුණ අපිට පමණක් නෙවේ ජාත්‍යන්තරයටත් පැහැදිලියි .යුරෝපා හවුල සම්මත කරගත් යෝජනාවට අනුව සහනය අනතුරේ .

අද රටේ මතයක් තිබෙනවා, ජාත්‍යන්තරය ත‍්‍රස්තවාදය වැළක්විමේ පනත සම්පුර්ණයෙන්ම අහෝසි කරන්න කියනවා කියලා මතයක් ආණ්ඩුව හදලා තිබෙනවා .එක වැරදියි .ජාත්‍යන්තරයට වැදගත් කරණා තුනක් තිබෙනවා ,

01. රැදවුම් නියෝගයක් යටතේ කෙනෙකු අත්අඩංගුවට ගත්තාම මාස 18ක් තියා ගන්න පුළුවන් .මේ අය කියන්නේ මාස 1කට මේක අඩු කරන්න කියලා .
02. අත්අඩංගුවට ගැනීමකට පසු පැය 48ක් ඇතුලත විනිශ්චයකාරවරයකු ඉදිරියට ඉදිරිපත් කරන්න .
03.පොලීසියට දෙන පාපොච්චාරණ පිළිබද ගැටළුවක් තිබෙනවා එම නිසා විනිශ්චයකාරවරයකු ඉදිරියේ පාපොච්චාරණ ලබා දීම

බොහොම සරල කාරනා තුනක් කියන්නේ . ජාත්‍යන්තරයට පමණක් නෙවේ අපටත් මේවා වැදගත් .ශානි අබේසේකරව අත්අඩංගුවට අරගෙන මාස 9 ක් තියා ගත්තා. අවසානයේදි ඇපල් අධිකරණයට ගියාම අධිකරණය කිව්වා මේ නඩුව ගොතාපු නඩුවක් කියලා .මම කියපු කාරණා තුන රටේ ජනතාවටත් වැදගත් .

රජය අද විශාල ආර්ථික අර්බුදයක ඉන්නේ . මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න නම් අපිට ජාත්‍යන්තරයේ සහයෝගය අවශ්‍යයි .වත්මන් රජයේ පළමු අයවැයෙන්ම හිතවත් සමාගම් සනසන්න බිලියන 800ක බදු සහන ලබා දුන්නා .රජයට හිතවත් සමාගම් වලටයි මේ සහනය ලබා දුන්නේ , සාමාන්‍ය ජනතාවට නෙවේ .එක්තරා පුවත්පතක සදහන් කර තිබුනා මේ බදු සහනයේ ඇත්ත ගාන බිලියන 2000ක් කියලා .රජය විශාල අදායමක් නැති කර ගත්තා .අපේ රජය කාලයේ අපි අපේ අදායම දෙගුණ කර ගත්තා .2015 බලයට එනකොට අවුරුද්දේ අදායම රාජ්‍ය බිලියන 1050 නමුත් අපි එක දෙගුණ කර ගත්තා .ඒ නිසයි සෑම පඩි වැඩි කිරීමක්ම අපිට දෙන්න පුළුවන් වුනේ .සාධාරණ වෘත්තීය සමිති ඉල්ලීම් සියල්ල ලබා දුන්නා .අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල පාලනය කළා .සුරක්ෂා රක්ෂණය ආරම්භ කළා .සහන රාශියක් අපි ලබා දුන්නා .අද ඒ සියල්ලම අනතුරේ රාජ්‍ය අදායම අඩු වීම නිසා . හැමෝම අපෙන් අහනවා විපක්ෂයක් හැටියට අපි විවේචනය කරනවා කොහොමද මේ අවුලෙන් ගොඩ එන්නේ කියලා .රජයට එකම මාර්ගයයි තියෙන්නේ ගොඩ එන්න . මේ ගෙවන්න තියෙන ණය කන්දරාව ගෙවීමට ඇති කාලය දීර්ඝ කර ගන්න .අවුරුද්දකින් ගෙවන්න තියෙන ණය අවුරුදු දෙකකින් ගෙවන්න ,අවුරුදු දෙකකින් ගෙවන්න තියෙන ණය අවුරුදු තුනකින් ගෙවන්න .මෙ විදියට අවශ්‍ය රටවල් ,බැංකු සමග සාකච්ඡුා කරලා කාලය දීර්ඝ කර ගන්න .එහෙම කරගත්තොත් අපේ රටට හුස්ම ගන්න පුළුවන් වාතාවරණයක් එනවා .නමුත් මේවට ජාත්‍යන්තර සහයෝගය අවශ්‍යයි .නමුත් රජය ජාත්‍යන්තර වශයෙනුත් අසරණ වෙලා ඉන්න නිසා අපට සහනයක් ලැබෙයිද ? ජාත්‍යන්තරයත් එක්ක සාකච්චා කරලා ණය වාරික ගෙවිමට කල් ගන්න පුළුවන් නම් වාර්ෂිකව දැන් ගෙවන මුදලින් 40%,50% අඩු කරගන්න පුළුවන් නම් ආණ්ඩුවටත් ,ජනතාවටත් හුස්ම ගන්න කාලයක් එනවා .අපි රජයට කියනවා ජාත්‍යන්තරයත් එක්ක සාකච්චා කරන්න කියලා .

ප‍්‍රශ්නය : උදය ගම්මන්පිල මහතාට විරුද්ද විශ්වාසභංග යෝජනාවට මොකද වෙන්නේ ?

පිළිතුර : අපි මේ යෝජනාව ගෙනාවෙ ජනතාව වෙනුවෙන් .මොකද ඉන්ධන මිළ වැඩි කලේ කිසිම පදනමක් නැතිව .ජනතාවගේ ජිවත් විමේ ප‍්‍රශ්නය තව තවත් උග‍්‍ර වුනා .අද මිල පාලනයක් නැ කැමති කැමති ගණන් අය කරනවා .සමහර විට මේ විශ්වාසභංගය නිසා රජය ඉන්ධන මිල අඩු කරන්නත් ඉඩ තියෙනවා .

ප‍්‍රශ්නය : විපක්ෂය ඉදිරි මැතිවරණ සදහා සුදානමක් තියෙනවාද

පිළිතුර : අනිවාර්යෙන්ම අපි මැතිවරණයක් බලාපොරොත්තුවෙන් ඉන්නේ . ඕනෑම රටක ව්‍යස්ථාව හදලා තියෙන්නේ කාලෙන් කාලෙට ජන මතය උරගා බලන්න .දැන් ඉන්දියාව ගත්තත් අවුරුදු දෙකෙන් දෙකට මැතිවරණයක් තියෙනවා . අපිත් බලාපොරොත්තුවෙන් ඉන්නවා පළාත් සභා හෝ පළාත් පාලන මැතිවරණය ඉක්මනින් පවත්වයි කියලා .

ප‍්‍රශ්නය : කොවිඞ් රෝගයත් සමග මැතිවරණයක් පවත්වන්න පුළුවන්ද ?

පිළිතුර : මම විශ්වාස කරනවා කොවිඞ් රෝගී තත්වය තව මාස දෙක තුනක් යන විට යම් පාලනයකට පැමිණේවි .එන්නත් 30%, 40% දෙන්න පුළුවන් නම් යම් පාලනයක් ඇති වෙනවා

– මාධ්‍ය ඒකකය

පුවත යවන්න