රජ පවුලේ කැරුට්ටුව හෙළි කළ හැරී – මේගන් සාකච්ජාව

රාජකීය පවුලට එක්ව ගත කළ ජීවිතය තමන්ට දැඩි මානසික ආතතියක් එක් කළ අතර සිය දිවි නසා ගැනීමට පවා සිතුනු අවස්ථා තිබූ බව මේගන් මර්කල් පවසනවා.

ඔප්රා වින්ප්‍රි නම් ලෝකප්‍රසිද්ධ මාධ්‍යවේදිනිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මහා බ්‍රිතාන්‍ය රජ පවුලේ සසෙක්ස් ආදිපාදවරිය ලෙස කටයුතු කළ මේගන් මර්කල් සඳහන් කළේ තමන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට පවා යොමු වුවද එයද වැළැක්වීමට කටයුතු කෙරුණු බවයි. මේගන් මර්කල් චිත්‍රපට නිලියක ලෙස විශාල කීර්තියක් අත්කර ගත් අතර මේ වන විට 39 හැවිරිදි වියේ පසුවනවා. හැරී කුමරු සමඟ අතිනත ගැනීමත් සමගින් ලොව පුරා ඇය පිළිබඳ විශාල අවධානයක් යොමු වුණේ ඇයට කළුජාතික සම්භවයක්ද තිබූ බැවිනි. තමන්ගේ කළු ජාතික පසුබිම රාජකීය පවුල තුළ දැඩි අර්බුදකාරී තත්ත්වයක් ඇති කළ බවද මේගන් මර්කල් සිය සම්මුඛ සාකච්ඡාවේදී සඳහන් කර තිබුණා.

රාජකීය පවුල තුළ දැඩි කෘෘරත්වයක් නොපෙනන ආකාරයෙන් ක්‍රියාත්මක වූ බවයි ඇය කියා සිටින්නේ. තමන්ගේ මානසික තත්ත්වය පිළිබඳව සැමියා දැක් වූ අවදානය පිළිබඳව සතුටු වන බවද මේගන් මර්කල් සඳහන් කර සිටියා. සිය නෑනා වන විලියම්  කුමරුගේ බිරිද වන කේට් කුමරිය සමඟ පැවති විවිධ මත ගැටුම්ද මෙහිදී ඇය හෙළි කළා. මෙම සම්මුඛ සාකච්ඡාවට හැරී කුමරුද සහභාගී වී සිටීම විශේෂත්වයක්.

මෙම සාකච්ජාවේදී හැරී කුමරුද රජ පවුලේ අභ්‍යන්තර සිදුවීම් රැසක් හෙළිකර තිබුණා.
ඩයනා කුමරියට අත්වූ ඉරණමට සමාන ඉරණමක් යලි අත්වීම අපේක්ෂා නොකළ බවද ඔහු අවධාරණය කලා.

තම පියා වන චාල්ස් කුමරු හා සොහොයුරු විලියම් කුමරු රජ පවුලේ පද්ධතිය තුල සිරවී ඇතැයි ද ඔහු අනාවරණ කළා.

මෙම සාකච්ජාව මිලියන ගණන් විසින් නරඹා ඇති අතර එය මෙහෙයවූ ඔප්රා වින්ප්‍රි අදාළ වීඩියෝවෙන් ඩොලර් මිලියන 7ක් උපයා තිබෙනවා.
මේ අතර මෙම සාකච්ජාව සමඟ බ්‍රිතාන්‍ය රජ පවුලේ දැඩි කැලඹීමක් බවතින බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ.

පුවත යවන්න