රටින් පිට කර තිබෙන කොල්ලකාගත් ධනය ආපසු ගත හැකියි –හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි

මෙරට මහජනතාවට අයත් ධනය කොල්ලකාගෙන ,රටින් පිටකර ඇති ධනය වෙතොත් “එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලය 2003 ඔක්තෝබර් 31 සම්මත කරගන්නා ලද 58/04” දරන සම්මුතිය මගින් ආපසු අයකරගත හැකි බව හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි සඳහන් කර තිබේ.

ඔහු මෙම තොරතුරු හෙළිකර තිබෙන්නේ අද (01) නිකුත් කරන ලද දිවයින පුවත්පතට ලියූ ලිපියකින්ය. ඒ මගින් තවදුරටත් සනාත කර ඇත්තේ “ස්විස්ටර්ලන්තයේ බාසිල් විශ්වවිද්‍යාලයට අනුබද්ධව පිහිටා තිබෙන ලබා නොලබන සංවිධායනක් වන නීතිවිරෝධී දේපළ ආපසු ලබා ගැනීමේ ජාත්‍යන්තර මධ්‍යස්ථානය (ICAR) මැදිහත්වීමෙන්” එම දේපළ යළි අත්පත් කර ගැනීම සාර්ථකව කළ හැකි බවය.

මේ වනවිටත් නයිජීරියාවේ හිටපු සභාපති ජනරාල් සානි අබාචා රටින් පිටකල ඩොලර් බිලියන 03කට අධික මුදලක්, පේරු රාජ්‍යයේ බුද්ධ අංශ ප්‍රධානියෙකු මෙන්ම ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකුව සිටි ඇල්බටෝ හූජියමා එරටින් කොල්ල කා ස්විස් බැංකුවල තැන්පත් කර තිබූ ඩොලරබ් බිලියන 02කට අධික වත්කම්, පිලිපීනයේ ජනාධිපතිව සිටි වර්ඩිනෙන්ට් මාර්කෝස් කොල්ලකනලද ඩොලර් බිලියන 10ක වත්කම් මෙන්ම උස්බෙකිස්තානයේ හිටපු ජනාධිපතිවරයෙකුගේ දියණිය වූ ගුල්නාරා කරිමෝවා කොල්ල කන ලද ඩොලර් බිලියන 02කට අධික මුදලක් ආදී වශයෙන් අත්පත්කරගැනීම පිළිබඳ නිදර්ශනද ඔහු දක්වා තිබේ.

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 189ක් එක්සත් ජාතීන්ගේ මෙම සම්මුතිය අනුමත කර තිබීම නිසා පෙර කී සංවිධානයේ ආවරණය ලබා ගැත හැකි බව පෙන්වා දී ඇත.

පුවත යවන්න