රටේ ආරක්ෂාව ගැන ආරක්ෂක ලේකම්ගෙන් විශේෂ නිවේදනයක්

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් අනිසි බියක් ඇතිකර නොගන්නැයි ආරක්ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා ජනතාවට දැනුම් දෙයි.

නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක ලේකම්වරයා පැවසුවේ රට තුළ ත්‍රස්ත ක්‍රියා සිදුවිය හැකි බවට පැතිර යන ව්‍යාජ ප්‍රචාරවල පදනමක් නොමැති බවයි.

ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ මගින් රටේ ජාතික ආරක්ෂාව තහවුරු කර ඇති බවයි ඔහු අවධාරණය කළේ.

අමෙරිකානු එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කර ඇති 4වන මට්ටමේ සංචාරක සීමාවල ත්‍රස්ත තර්ජන ගැන සඳහන් වී තිබීම එම ක්‍රියාවලියේ සාමාන්‍ය දෙයක් බවද ඔහු පවසයිග

පුවත යවන්න