රට දැන් පවතින්නේ භයානක තත්ත්වයක / රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

රට මේ වන විට බිහිසුණු තත්ත්වයක් කරා ළගාවෙමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පෙන්වා දෙන්නේ මෙරට තුළ මේ වන විට වාර්තා වන කොවිඩ් මරණ සිදුවන්නේ නියුමෝනියාව නිසා බවයි.

මේ තත්ත්වයත් සමග සෑම දෙනෙක්ම බලාපොරොත්තුවන්නේ මේ අවස්ථාවේදී රට වසන්න, සංචරණ සීමා පනවන්න, කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහ රජය ගත යුතු පියවර කඩිනම්ව ගත යුතුයි කියලා.

මේ තරම් භයංකර අවස්තාවක් මෑත ඉතිහාසයේ, ඒ වගේම කොවිඩ් වසංගත කාලසීමාව තුළ ඇති වෙලා නෑ. මේ තමයි අති භයංකරම අවස්ථාව.

මේ වන විට ඉදිරිපත් කරන්නේ කොවිඩ් නියුමෝනියාවෙන් සිදුවන මරණ පමණයි. කොවිඩ් එක්ක සිදුවෙලා තියෙන සියලුම මරණ ගත්තොත් මීට වැඩිය ඉහළ යන්න පුළුවන්.

දැනට 200කට ආසන්න සංඛ්‍යාවක් මිය යනවා. අයි.සී.යූ. බෙඩ් එකක් හොයා ගන්න බෑ. රෝහල්වල ධාරිතාව ඉක්මවා යනවා. රෝගීන් බෝහෝමයක් නිවෙස් තුළ ඉන්නවා.

කොවිඩ් වෛරසය හැසිරෙන ආකාරයට අපේ හැසිරීම වෙනස් විය යුතුයි. පළමු කොවිඩ් රැල්ල පාලනය කළ ආකාරයට මෙය හසුරවන්න යනවා. හැබැයි මෙහි හැසිරිම වෙනස් ඒක තේරුම් ගන්න ඕන.

පුවත යවන්න