රට බංකොළොත් වීමේ වගකීම ආණ්ඩුව භාරගත යුතුයි / හිටපු අගමැති රනිල්

රට බංකොලොත් වීමේ සම්පූර්ණ වගකීම වත්මන් ආණ්ඩුව බාරගත යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

මැයි මැද වන විට ඉන්දියා ණය අවසන් වනු ඇති අතර විදේශ විනිමය නොමැතිකම හේතුවෙන් ජුනි මාසය වන විට පෞද්ගලික ව්‍යාපාර පවත්වාගෙන යාමට නොහැකි වනු ඇතැයි ද රනිල් වික්‍රමසිංහ සදහන් කළා.

රජය දැන් කිසිදු කොන්දේසියකින් තොරව අර්බුදයෙන් ගොඩ ඒම සඳහා අනෙකුත් සියලුම දේශපාලන පක්ෂ සම්බන්ධ කර ගත යුතු අතර කෙසේ වෙතත් මේ මොහොතේ මැතිවරණ හෝ ව්‍යවස්ථා සංශෝධන මගින් රටේ අර්බුදය විසඳෙන්නේ නැතැයි ද හිටපු අගමැති පැවසුවා.

අර්බුදය විසඳීමට හැකි බවත් ඒ සඳහා ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය බවත් විශේෂ නිවෙිදනයක් නිකුත් කරමින් රනිල් වික්‍රමසිංහ පෙන්වා දෙනවා.

පුවත යවන්න