රට ලොක්ඩවුන් නොතිබුණොත් අවදානම බරපතලයි / වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන

රට හුදෙකලා කිරීම සිදුනොකළහොත් අගෝස්තු – සැප්තැම්පර් මාස වන විට මිනී කන්දරාවක් ගොඩගැසෙන තත්ත්වයට පත්වෙනු ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂණ බෙල්ලන පැවැසීය.

ඊයේ (20 වැනිදා) නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සඳහන් කළේය. ඔහු මෙහිදී අවධාරණය කර සිටියේ තවත් සති තුනකටවත් රට තුළ සංචරණ සීමා පැනවිය යුතු බවය.

එසේම මෙම කොවිඩ් වසංගතය දඩමීමා කරගෙන ඇතැම් වෘත්තීය සමිති සිය ධුර කාල දීර්ඝ කර ගැනීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.

එය වැරදි පූර්වාදර්ශයක් බවත් එසේ වෘත්තීය සමිතිවලට සුවිශේෂී වරප්‍රසාද ලබානොදෙන ලෙසත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරයි. මෙම දේවල් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සෞඛ්‍ය ඇමැතිවරියගෙන් සාකච්ඡාවක් ඉල්ලුවද මෙතෙක් සාකච්ඡාවක් ලබානොදුන් බවද ඔහු මෙහිදී අවධාරණය කළේය.

වරුණි පෙරමුණ

පුවත යවන්න