රට සති 3කට වහන්න / ආණ්ඩුවේ පක්ෂ 10කින් ජනපතිට ඉල්ලීමක්

අවම වශයෙන් සති තුනකට රට අගුළු දමන ලෙස ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10ක් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යෝජනා කර තිබේ.

ඒ අනුව ප්‍රධාන කරුණු 7කින් සමන්විත යෝජනාවලියක් ජනාධිපතිවරයා වෙත එම පක්ෂවලින් යොමුකර ඇත.

අපේ ජනබල පක්ෂයේ නායක අතුරලියේ රතන හිමි, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංෂික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර, ලංකා සමසමාජ පක්ෂයේ නායක තිස්ස විතාරණ, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ජාතික කොංග්‍රසය, එක්සත් මහජන පක්ෂයේ නායක ඒ. එල්. එම් අතාවුල්ලා, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නායක ටිරාන් අලස්, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක අසංක නවරත්න හා යුතුකම ජාතික සංවිධානයේ නායක ගෙවිඳු කුමාරතුංග යන අය විසින් අදාළ යෝජනාවලියට අත්සන් තබා තිබේ.

 

පුවත යවන්න