රන්ජන්ගේ මන්ත්‍රී ධූරය ගැන අභියාචනාධිකරණයේ නියෝගය දීර්ඝ කරයි

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගන්නා ලෙස දන්වමින් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත නිකුත් කර තිබෙන නියෝගය මාර්තු මස 16 වනදා දක්වා දීර්ඝ කිරීම අභියාචනාධිකරණය අද නියෝග කළා.
ඒ රන්ජන් රාමනායක මහතා විසින් ඉදිරිපත් කර ඇති පෙත්සම අද යළිත් සළකා බැලූ අවස්ථාවේ දීයි.
අභියාචනාධිකරණය විසින් මෙම තීන්දුව ලබාදෙන තෙක් රාමනායක මහතා පාර්ලිමේන්තු රැස්වීම් සඳහා කැදවීමක් සිදු නොකරන බව කතානායකවරයා ඊයේ පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

පුවත යවන්න