රන්ජන්ගේ සෞඛ්‍ය තත්ත්වය හොදයි/ සියදිවි නසාගන්න උත්සහ ගත් කතා බොරු

සිර දඩුවම් නියමව බන්ධනාගාරගතව සිටින රන්ජන් රාමනායක මහතා සියදිවි නසා ගැනීමේ උත්සහයක නිරතව ඇති බවට පළවන වාර්තා සම්පුර්ණයෙන් අසත්‍ය බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා පැවසුවේ ඔහු එවැනි කිසිදු උත්සහයන නිරතව නොමැති බවයි.

රන්ජන් රාමනායක මහතා ඉතා හොද සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළා.

පුවත යවන්න