රන්ජන් ගැන බන්ධනාගාරයෙන් ප්‍රකාශයක්

සිර දඩුවම් විදිමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනප්‍රිය නළු රන්ජන් රාමනායක මහතා වැලිකඩ බන්ධනාගාරය තුළ දී බාධාවකින් තොරව අධ්‍යාපන කටයුතු වල නියැලී සිටින බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය මහතා පවසනවා.
මාධ්‍ය විසින් සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා මේ බව අනාවරණ කළා.
රන්ජන් රාමනායකට අධ්‍යාපන කටයුතු ඉදිරියට කරගෙන යාම සඳහා තාක්ෂණ උපකරණ පවා මේ වන විට ලබාදී ඇති බවත් ඔහු බන්ධනාගාරය නිළධාරීන්ගේ අධික්ෂණය යටතේ අධ්‍යාපන කටයුතු කරගෙන බවත් හෙළිකර තිබෙනවා.

පුවත යවන්න