රන්ජන් ජීවිත අවදානමක – අගුණුකොළපැලැස්සට ගිය සජිත් කියයි

සිරදඩුවම් නියමව රක්ෂිත බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට බන්ධනාගාරය තුළ ජීවිත අවදානමක්  පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයට ගොස් රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් විමසා බැලීමෙන් පසුව මාධ්‍යට අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව සදහන් කළා.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව පාර්ලිමේන්තුව තුළ හඩක් නැගු රන්ජන් රාමනායකයක මහතාට බන්ධනාගාර තුළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සිටීමට සිදුව ඇති බවයි සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ.

මේ හේතුවෙන් රන්ජන් රාමනායක මහතා අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයෙන් වෙනත් බන්ධනාගාරයකට යොමු කරන ලෙස ද විපක්ෂ නායකවරයා රජයෙන් ඉල්ලා සිටියා.

පුවත යවන්න