රන්ජන් වෙනුවෙන් ජීනිවා මානව හිමිකම් කොමිසමට පෙත්සමක්

රක්ෂිත බන්ධනාගාතව දඩුවම් විදින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා වෙනුවෙන් ජිනීවා නගරයේ පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඉදිරිපිට උද්ඝෝෂණක් පැවැත්වෙනවා.

ඉතාලිය, ප්‍රංශය, ජමනිය හා යුරෝපයේ අනෙකුත් රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසක් මෙම විරෝධතාවට එක්ව සිටිනවා.

ඔවුන් මෙහිදී චෝදනා කළේ රන්ජන් රාමනායක මහතාට ජනාධිපති පොදු සමාව ලබා නොදීම දේශපාලනික වශයෙන් ඔහුගෙන් පළිගැනීමක් බවයි.

රන්ජන් රාමනායක මහතාට අසාධාරණයක් සිදුව ඇති බවත් ඔහුට නිදහස ලබා දෙන ලෙස මැදිහත් වන්නැයි ඉල්ලමින් විරෝධතාකරුවන් මානව හිමිකම් කොමිසමට පෙත්සමක් ද භාරදී තිඛෙනවා.

පුවත යවන්න