රනිල්ගේ IMF ඉදිරි ගමනට මෛත්‍රීපාලගේ සහාය

IMF මූලික කොන්දේසි දහය තුල විරුද්ධ විය යුතු කොන්දේසි පවතින බවක් තමා නොසිතන බව පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් ඔහු සදහන් කළේ , තමා ජනාධිපති ලෙස සිටියදීත් මූල්‍ය අරමුදල සමග කටයුතු කළ බවයි.
ඇතැම් අවස්ථාවලදී එකඟ විය නොහැකි කොන්දේසි පැමිණි නමුත් මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර එකඟ විය නොහැකි කොන්දේසි වෙනස් කරගත් බව ද ඔහු ප්‍රකාශ කළා.
නිවැරදි ගමනක් යනවා නම් සහය ලබාදීමට සූදානම් අතර හෙට අනිද්දා ජනාධිපතිවීමට ටයි කෝට් මසාගෙන සිටින පුද්ගලයන්ට වඩා රට ගැන කැක්කුමක් තමන්ට ඇති බව ද මෛත්‍රීපාල සිරිසේන මහතා සදහන් කළා.

පුවත යවන්න