අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පෙර වැඩබලන ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම්දී තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 2022-07-14 දින සිට නිත්‍යානුකූල ලෙස ජනාධිපති ධුරයෙන් ඉවත් වූ බව අද පෙරවරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් ප්‍රකාශ කරනු ලැබීය.
ඒ අනුව ඉන් හිස් වන ජනාධිපති ධුරයේ වැඩ බැලීම සඳහා මෙලෙස අග්‍රාමාත්‍යවරයා අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ දිවුරුම් දී ඇත.
මෙම දිවුරුම්දීම කොල්ලුපිටිය වාලුකාරාමයේදී සිදුකළ බව ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර ජනාධිපතිධුරයේ පුරප්පාඩුවක් පවතින බව හෙට දිනයේදී පාර්ලිමේන්තුව වෙත දැනුම්දීමට නියමිත බව පාර්ලිමේන්තු මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එසේම පෙර තීරණය කළ පරිදි නව ජනාධිපතිධුරය සඳහා නාම යෝජනා කැඳවීම ලබන 19 වැනිදා පවත්වන බවත් ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම 20 වැනිදා පැවැත්වෙන බවත් අද පැවති පක්ෂ නායක රැස්වීමේදී කථානායකවරයා දැනුම් දී තිබේ.
එම පක්ෂ නායක රැස්වීමක් අද පෙරවරු 10.00ට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
මේ අතර නව අග්‍රාමාත්‍යවරයා වශයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ නම යෝජනා කිරීම විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් එකඟතාවය පළකර ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර පැවසීය.