රවීට නීතීඥ සහය දෙන්න රනිල්ගෙන් එ.ජා.ප නීති අංශයට උපදෙස්

මහ බැංකු බැදුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් වන චෝදනාවන්ට අදාළව රක්ෂිත බන්ධනාගාරයේ පසුවන හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාට අවශ්‍ය නීතීඥ සහය ලබා දෙන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ නීති අංශයට උපදෙස් ලබා දී තිඛෙනවා.

රවී කරුණානායක මහතා එක්සත් ජාතික පක්ෂයේ හිටපු උප නායකයෙකු ද වනවා.

ඒ අනුව ඔහුට අවශ්‍ය සියලු ම නීති සහය මෙන්ම අවශ්‍ය කටයුතු සොයා බලා සිදුකරන ලෙසයි රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ නීති අංශයට උපදෙස් දී ඇත්තේ.

පුවත යවන්න