වල් නාශක, කෘමි නාශක සහ දිලීර නාශක නැවත ආයනයන කිරීමට ජනාධිපතිවරයාගේ අනුමැතිය ලබාගැනීම අද (22) පෙරවරුවේ සාකච්ඡා කරන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසනවා.
තුන්වැනි සහ හතරවැනි කාණ්ඩයේ පොහොර ආනයන කිරීමට එහිදී අවසර ඉල්ලා සිටීම නියමිත බව ද සඳහන් කළා.
කාබනික වගාවට එකවර යා නොහැකි නිසා කන්න තුනකදී සියයට 100 ක් කාබනික වගාවට යන්න බලාපොරොත්තු වන බවත් පළමු සහ දෙවැනි කන්නවලට වල්, කෘමි සහ දිලීර නාශකවල සහයෝගය අවශ්‍ය බවත් ඔහු පැවසුවා.
වී සහ එළවළු වගාවන් සඳහා රසායනික පොහොර ගෙන්වීමට රජය මේ දක්වා කිසිඳු තීරණයක් ගෙන නැතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.
ශාක පෝෂක රසායනික පොහොරක් ගෙන්වන බවට පළවන තොරතුරු වල කිසිදු සත්‍යතාවයක් නැතැයි ද කෘෂිකර්ම අමාත්‍යවරයා අවධාරණය කළා.
ජනතාවගේ සුබ සිද්ධිය තකා ක්‍රියාත්මක කළ කාබනික පොහොර ප්‍රචලිත කිරීමේ වැඩසටහනේ ආපසු හැරවීමක් ගැන මේ වන තෙක් රජය කිසිඳු ප්‍රතිපත්ති තීන්දුවක් ගෙන නැතැයිද ඔහු සදහන් කළා.