රසායනික පොහොර ගේන්න තවත් සමාගම් කිහිපයකට අනුමැතිය

රසායනික පොහොර ආනයනය සදහා තවත් සමාගම් 07කට අනුමැතිය ලබා දී තිඛෙනවා.

පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චන්දන ලොකුහේවගේ මහතා පැවසුවේ යූරියා ඇතුලු රසායනික පොහොර ආනයනය කිරීම සඳහා ඉල්ලුම් කර තිබූ ආයතන කිහිපයකට මෙලෙස අනුමැතිය ලබා දුන් බවයි.

කෙසේවෙතත් පොහොර නොමැති වීමෙන් ගොවීන් තවදුරටත් පීඩාවට පත්ව සිටිනවා.

කාෂිකර්ම ආමාත්‍යවරයා පසුගියදා පැවසුවේ මහ කන්නය සදහා රසායනික පොහොර නොලැඛෙනු ඇති බවයි.

සාමාන්‍ය ක්‍රමවේදය යටතේ රසායනික පොහොර ආනයනය සදහා මාස දෙකකට ආසන්න කාලයක් ගතවන බවයි ඔහු සදහන් කළේ.

පුවත යවන්න