Skip to content
රජයේ ආයතන රැසක් වාර්ෂික මූල්‍ය ප්‍රකාශන නියමිත කාලසීමාවේදී භාර නොදීමෙන් ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇති බව විගණකාධිපති ඩබ්ලිව් පී සී වික්‍රමරත්න මහතා අද ප්‍රකාශ කළා.
ඒ අනුව අදාළ වාර්තා සකස් කිරීමට ප්‍රමාද වීම් ඇතුළු ගැටලු වර්ධනය වන බවයි විගණකාධිපතිවරයා සදහන් කළේ.
රාජ්‍ය ආයතන සෑම වසරකම පෙබරවාරි 28 වැනි දින වන විට සිය මූල්‍ය ප්‍රකාශයන් විගණනය සඳහා ඉදිරිපත් කළ යුතු අතර එය අනිවාර්යය තත්ත්වයක් ලෙස සලකනු ලබනවා.
අදාළ රාජ්‍ය ආයතන භාර, අමාත්‍යංශ ලේකම්වරුන් විසින් එම මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු වන අතර විගණකාධිපතිවරයා පවසන්නේ ඇතැම් රාජ්‍ය ආයතන වසර 5 ක මුල්‍ය ප්‍රකාශ එකවර ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි.
ගිණුම්කරණ ක්‍රියාවලිය වාර්ෂිකව සිදුකළ යුතු බැවින් මෙය නිවැරදි ක්‍රියාවලියක් නොවන අතර එම වාර්තා භාර ගැනීමට නොහැකි බව ද, විගණකාධිපතිවරයා දැනුම් දී තිබුණා.
ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ, මූල්‍ය ප්‍රකාශයන් භාරදීම ප්‍රමාදවීම හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද මෙරටට ණය ප්රදානය කිරීමේදී පනවා ඇති කොන්දේසි ඉටු කිරීමට ද බාධා එල්ල විය හැකි බවයි.