අරුන්දික ප්‍රනාන්දු සිය රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.
රාගම වෛද්‍ය පීඨයට ඇතුළු වී සිදු වූ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් කර අවසන් වනතුරු සිය තනතුරෙන් ඉවත් වීමට තීරණය කළ බවයි අරුන්දික ප්‍රනාන්දු මහතා පවසන්නේ.
මේ අතර සිද්ධීය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා ඇතුළු සැකකරුවන් හයදෙනා ලබන 7 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට වත්තල මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.