රිෂාඩ්ගෙන් වෛද්‍යවරයෙකුට මරණ තර්ජන

රක්ෂිත බන්ධනාගාරගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා බන්ධනාගාර රෝහලේ දී වෛද්‍යවරයකුට බැණ මරණීය තර්ජනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය පරීක්ෂණයක් ආරම්භ කර තිඛෙනවා.

මැගසින් බන්ධනාගාරයේ රෝහලේ වෛද්‍යවරයෙකුට මෙලෙස බදියුදීන් මහතා මරණීය තර්ජනය කර ඇති අතර වෛද්‍යවරයා මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ඇත.

ඒ අනුව පොලිස්පතිවරයාගේ නියමය පරිදි කොළඹ අපරාධ කොට්ඨාශය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිඛෙනවා.

පුවත යවන්න