රිෂාඩ්ගේ ඇප ප්‍රතික්ෂේපයි – ලබන පළවෙනිදා තෙක් යළිත් රිමාන්ඩ්

අත්අඩංගුවේ පසුවන හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ලබන මස පළමු වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින්.

පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට සම්බන්ධ මරාගෙන මැරෙන බෝම්බ කරුවෙකු  වන මොහොමඩ් ඉන්සාෆ්ට අයත් කොලෝසස් තබ කර්මාන්ත ශාලාවට විශේෂ සැලකිල්ලක් දක්වා තඹ තොග ලබාදීම තුළින් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වලට අනුබල දීමේ චෝදනා මතයි රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවේ පසුවන්නේ.

මෙම පැමිණිල්ල අද කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ කැදවනු ලැබුවා. එහිදී හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කේ එම් සහිඩ් මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කළා. ඒ තම සේවාදායකයා වෙනුවෙන් විශේෂ කරුණු දැක්වීමක් ඉදිරිපත් කිරීමට අවශ්‍යව ඇති බැවින් මේ නඩුව කෙටි දිනයකින් කැදවන ලෙසයි.

ඉල්ලීම පිළිගත් අධිකරණය නඩුව ලබන 26 වනදා නැවතත් කැදවීමට නියම කළා.

 

පුවත යවන්න