රුපියල් 10,000 නෝට්ටුවක් මුද්‍රණය කරන්නේ නෑ / මුදල් අමාත්‍යාංශය

රුපියල් දස දහසේ (10,000) වටිනාකමට නව මුදල් නෝට්ටුවක් මුද්‍රණය කිරීමේ කිසිදු සූදානමක් නැතැයි, මුදල් අමාත්‍යාංශය පවසනවා.

අමාත්‍යාංශය ලේකම් එස්.ආර්. ආටිගල මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් පැතිර යන මතවල කිසිදු සත්‍යතාවක් නොමැති බවයි.

උද්ධමනය ඉහළ යාමත් සමග එවැනි සූදානමක් ඇති බවට ඇතමුන් ව්‍යාජ තොරතුරු නිර්මාණය කරමින් ඇතැයි ද ලේකම්වරයා සදහන් කළා.

මේ අතර, විදේශ විනිමය සංචිත ප්‍රමාණය කඩිනමින් ඉහළ නැංවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇතැයි ද මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා පවසනවා.

ඔහු පැවසුවේ, මහ බැංකු අධිපතිවරයා, මේ වනවිටත් ඊට අදාළ සැලසුම් සකස් කර ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, මෙම මස අවසානය වනවිට මහ බැංකුවට ඩොලර් බිලියන 3 කට වැඩි විදේශ විනිමය සංචිත රැස්කර ගැනීමට හැකිවනු ඇති බවයි.

පුවත යවන්න